*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් සහ බෝරා ප්‍රජාව අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 03, කොළඹ (LNW): අද (03) පස්වරුවේ, බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු වී ඇත.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ අතර, බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමද සිදු විය.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan