මහ බැංකුවෙන් තවත් වාර්තාවක් – පඩි මදිවට EPF එකත් බෙදාගෙන!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා මහා බැංකුව සිය පනතේ ප්‍රතිපාදන අනුව යමින් පසුගියදා සියයට 70%කින් වැටුප් ඉහළ දමාගනිමක් සිදුකරගත් අතර මේ වන විට වාර්තා වන්නේ 2023 වසර සඳහා ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 19.5%ක පොළියක් ගෙවා ඇති බවයි.

එහෙත් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේම පාලනය යටතේ පවතින සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවා ඇත්තේ 9%ක් පමණයි.

2022 වසරේදී මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ EPT සඳහා පොළිය 29.5%ක පොළියක් ගෙවා තිබුණු අතර එවරද ජනතාවට හිමිවුණේ 9%ක ප්‍රතිලාභයකි.

මෙලෙස සාමාන්‍ය වැඩකරන ජනතාවට සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබීම විශාල කප්පාදුවකට ලක්කර ඇති පසුබිමක මහ බැංකු නිලධාරීන් තමන්ගේ කොටස පමණක් වැඩිකරගැනීම ගැන යළිත් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව තිබේ.

මහ බැංකුවට හිතේ හැටියට මෙලෙස ප්‍රතිලාභ බුක්ති විඳීමට ඉඩක් නීතිමය වශයෙන් ලැබී තිබුණත් ඔවුන්ම පවසන අන්දමට රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඔවුන් මෙලෙස හැසිරීම කෙතරම් සදාචාරත්මක යන ප්‍රශ්නය යළි යළිත් විමසීමට සිදුව ඇත.

ඇත්තවශයෙන්ම නීතියට මුවාවී මහ බැංකුව මේ කරන්නේ මහජනතාවගේ බදු මුදල් කොල්ලයක් නොවේද?

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...