රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායමක් හා NPP අතර විශේෂ හමුවක් – NPP ආර්ථික ප්‍රතිපත්ති ගැන විශේෂ අවධානයට!

කොළඹ LNW: රටවල් 06 ක තානාපතිවරුන් සහ ජාතික ජනතා බලවේගයේ නායකයින් අතර හමුවක් ඊයේ (06) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබේ.

පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. ඩාර් සයිඩ්,තුර්කි ජනරජයේ තානාපති Demet Sekercioglu මහත්මිය, බංග්ලාදේශ ජනරජයේ ප්‍රධාන කොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing මහත්මිය, තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල්, Heru Prayitno මහතා, මැලේසියානු මහ කොමසාරිස් Badli Hisham Bin Adam , සහ එම රටවල් නියෝජනය කරමින් මාලදිවයින් ජනරජයේ වැඩකරන තානාපතිනි ෆාතිමත් ගිනා මහත්මිය මේ රැස්වීමට සහභාගී වී ඇත.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ඊට එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟ ජාතික විධායක සභිකන් වන බිමල් රත්නායක,වෛද්‍ය නලින්ද ජයතිස්ස,වෛද්‍ය රිස්වි සාලි, මුදිත නානායක්කාර යන මහත්වරුන්ද එක් වී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාතික ජනතා බලවේගයේ නියෝජිතයින් විසින් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙහිදී දැනුවත් කර ඇති අතර රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...