කාටුන් ශිල්පීන්ගේ හිතේ ඇදි රනිල් භූමිකාව “Press Vs. Prez”

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW):රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්යය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවිශේෂී භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම අද (07) සිදු කෙරේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී යි

මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ , පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් බව සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර තිබෙන බව වාර්තා වේ.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ඇගයීමට නියමිත බව තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...