විදුලි පාරිභෝගිකයන්ට හිමිවන අපූරු සහනය!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 07 , කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට අද පාර්ලිමේන්තුවේදි පිළිතුරු ලබාදෙමින්, නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ,

“පසුගිය කාලයේ අපි ප්‍රතිපත්ති තීන්දු 2ක් ගත්තා. පළමු කාරණාව ඉතාමත් සුළු විදුලි බිල් තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුන්ට යම් කාලයක් ලබාදෙන්න . ඒක පියවීම සඳහා. ඒ වගේම රුපියල් 3000ක පමණ තිබුණු නැවත සම්බන්ධතාවය ලබාදීමේ මුදල රුපියල් 1300ක් දක්වා අඩුකළා. ඊට අමතරව මේ අවුරුද්දේදී ඒක රුපියල් 800ක් දක්වා අඩුකරන්න අපි කටයුතු කරලා තියෙනවා. 1

නව සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සම්පූර්ණ මුදල ගෙවන්නේ නැතුව රුපියල් 51000කියලා තමයි කියන්නේ, ඒක දැන් අඩුවෙලා තියෙනවා රුපියල් 35,000ත් 40,000ත් අතර මුදලකට ඒ මුදලින් සියයට 25ක් පමණක් ගෙවලා ඉතිරි කොටස් වාරික වශයෙන්, වාරික 10කින් හෝ 12කින් ගෙවන්න පහසුකමක් විදුලි බල මණ්ඩලයෙන් හඳුන්වාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒක නිල වශයෙන් දැනුවත් කිරීම කරයි.”

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...