එක් යුගල සූරතාවක් හැරෙන්නට සියලු සූරතා ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW):

පකිස්තාකයේ පැවති අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දකුණු ආසියාතික කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දී පිරිමි යුගල සූරතාවය හැරෙන්නට අන් සියලු සූරතා දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.පිරිමි යුගල සූරතාවයේදී යට 2- 1 න් තේජන් හේරත් සහ මිහිල ජයවීර පරාජයට පත් වුණේ පකිස්තානයේ ෆාහඩ් අහමඩ් සහ ගුෂයිමා ෂෂාඩ් ට ය.


ඒ හැරෙන්නට තරගාවලිය ආරම්භ කරමින් කණ්ඩායම් සූරතා අවුරුදු 15 න් පහළ මෙන්ම අවුරුදු 17 න් පහළ ද අත් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කේවල සහ යුගල අංශයේ දී ද ඉහළ දස්කම් පෙන්වමින් සෑම තරගයකම අවසාන තරගයට ශ්‍රී ලංකා නියෝජනය ඇතුළත් කරන්නට සමත් විය.


මිහිල සහ තේජන හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්ල සහ යුගල සූරතාවන් දිනූ ක්‍රීඩකයින් පහත දක්වා ඇත.


අවුරුදු 15 න් පහළ බාලක සූරතාවය – අමාවන් අමරසිංහ
අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවය – බිනුරි ජනංගා විද්‍යාතිලක‍
අවුරුදු 15 න් පහළ බාලිකා අනු සූරතාවය -තෙනුකි අයන්ත් ද සිල්වා
අවුරුදු 15 න් පහළ බාලක යුගල සූරතාවය – අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ශාන් මඩපාතගේ
අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරතාවය – තෙනුකි අයන්ත් ද සිල්වා සහ බිනුරි ජනනංගා විද්‍යාතිලක
අවුරුදු 15 න් පහළ මිශ්‍ර යුගල සූරතාවය – අමාවන් අමරසිංහ සහ තෙනුකි අයන්ත් ද සිල්වා
අවුරුදු 15 න් පහළ මිශ්‍ර යුගල අනු සූරතාවය – චෙනාල් දෙව්ශාන් මඩපාතගේ සහ විලුරි ජනන්ගා විද්‍යාතිලක
අවුරුදු 17 න් පහළ බාලක සූරතාවය – තේජන හේරත්
අවුරුදු 17 න් පහළ බාලක අනු සූරතාවය – මිහිල ජයවීර
අවුරුදු 17 න් පහළ බාලිකා සූරතාවය – නෙත්මි රත්නායක
අවුරුදු 17 න් පහළ අනු සූරතාවය – ලුක්ෂාන් කුමාර්
අවුරුදු 17 න් පහළ බාලක යුගල සූරතාවය – තේජන හේරත් සහ මිහිල ජයවීර
අවුරුදු 17 න් පහළ බාලිකා යුගල සූරතාවය – නෙත්මි රත්නායක සහ ලුක්ෂානා කුමාර්
අවුරුදු 17 න් පහළ මිශ්‍ර යුගල සූරතාවය – නෙත්මි රත්නායක සහ මිහිල ජයවීර
අවුරුදු 17 න් පහළ මිශ්‍ර යුගල අනු සූරතාවය – තේජන හේරත් සහ ලක්ෂාන් කුමාර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...