මාලදිවයින ඉන්දියාව අතැර චීනය දෙසට හැරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සැප්තැම්බර් මාසයේදී බලයට පත් මාලදිවයිණේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු නොමිලයේ මිලිටරි ආධාර ලබා ගැනීම සඳහා චීනය සමඟ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මාලදිවයින මීට පෙර චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික ගිවිසුම් ඇති කර ගෙන තිබුණද, දෙරට නිල වශයෙන් ආරක්ෂක සබඳතා ඇති කර ගත් පළමු අවස්ථාව මෙයයි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් සෝලිහ් යටතේ පෙර මාලදිවයින් ආන්ඩුව, නව දිල්ලිය සමඟ වඩාත් පෙලගැසී සිටි අතර, පසුගිය වසර පහ තුළ ඉන්දියාව, රෝහල්, පාසල්, ගුවන් තොටුපල සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා අරමුදල් විශාල ප්‍රමාණයක් ලබා දෙමින් රටේ විශාලතම ආර්ථික ආධාරකරුවා ලෙස චීනය අභිබවා ගියේය.

නමුත් නව ජනාධිපති මුයිසු ඉන්දීය විරෝධී සටන් පාඨයක් සහිතව බලයට ආ අතර ඔහු පසුගිය අඟහරුවාදා(05)ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියාව කලාපයේ කුඩා රටවල “හිරිහැරයක්” බවත්, මැයි 10 වෙනිදා වන විට ඉන්දීය හමුදාවක් නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් රට තුළ නොසිටිනු ඇති බවත්ය.

මෙම ප්‍රකාශයත් සමඟ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් කියා සිටියේ, මාලදිවයින තවමත් ඉන්දියාවෙන් ආධාර ලබන බවත්, ඉදිරියේ ලබා දීමට අපේක්ෂිත ඩොලර් බිලියන 4.5 ක ආධාර ඉදිරියේදී ලබා නොදෙනු ඇති බවයි.

කෙසේ නමුත්, මාලදිවයින උපාය මාර්ගික වශයෙන් ඉන්දියාවට හා චීනයට වැදගත් වන අතර ගල්ෆ් කලාපයේ සිට චීනයට තෙල් රැගෙන එන තීරණාත්මක නැගෙනහිර-බටහිර නැව් මාර්ගයක පිහිටා ඇති අතර ඉන්දියන් සාගරය තුළ චීනයේ බලපෑම ලුහුබැඳීම වඩාත් ආක්‍රමණශීලී වී ඇති හෙයින් ඉන්දියාවටද මෙය අතිශය වැදගත් භූමියක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආගමන විගමන පාලක ජනරාල්ගෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : එක්දින සේවය...

පක්ෂයට පිටින් ගිය පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති...

සියලුම හිමිකම් ඇවිරිණි: The Virtual Veil නවකතාව එළිදකී!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින්,මානව...