*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ඩස්පින් – රැවටිල්ල

ඕන් නිවාඩුව ගත කරලා,දරුවොත් එක්ක විනෝද වෙලා එනවා කියලා බැසිල් කියනවා.එතකොටම කිසිම විවේකයක් නැතුව දරු මුණුපරුන්ගෙ බර ගැන මැරෙනකම් හිතන්න වෙලා තියෙන උන්දැල විවේකය ගත කරලා එන බැසිල්ට නෙළුම් මල් පොකුරක් දෙනවා.හොරා කෑවා කියලා උසාවිය කියලත් ගෙවන්න නොයා ඉන්න මිනිස්සු හරියට
“අපට මොනව වුණත් කමක් නැහැ,ඔබතුමාලා අපේ සතුටයි විවේකයයි අරං දරු මුණුපුරොත් එක්ක සතුටු වෙනවනම් ඒක තමයි අපේ හිතට තියෙන සැනසිල්ල” කියනවා වගෙ.

ඇත්තම කිවිවොත් අර මල් පොකුරේ නැති සුවඳක් බැසිල් වගෙ මහත්තෙක්ට වාතයක් යන වෙලාවට අධෝ මාර්ගය ඉබ්බත් දැනෙන උන්දැල තමයි ඉතිං මේ.
මේ වැඩෙත් එක්කම මයික් එකක් දික් කරලා ඔන්න එකෙක් බැසිල්ගෙන් අහනවා ජනතාව රැවට්ටුවද වගේ කතාවක්.බැසිල්ට හිනා.මේ වෙච්චි ටික දැකලා දැකලා එහෙම අහනකොට ඉතිං හිනා යන්නෙ නැතුව තියෙයිද?

බැසිල් උන්නැහැ කියන්නෙ ඉතිං “අපි රැවට්ටුවෙ නැහැ කියලා”
ඒක බොරු නෙමෙයිනෙ.කඩේ කිව්වම රෙදිත් ඇදගෙන මහලා ඇඳගන්න උන්දැල ඉල්ලගෙන රැවටෙද්දි ආටෙ අමුතුවෙන් රවට්ටන්න දෙයක් තියෙනවද?අර මල් පුදලා පිළිගන්න කතාවෙ ඔක්කොම තියෙනවා.ඒක හරියට “ස්ර් මේ මල් ටික අරගෙන අපට මල් වඩමක් හදලා දෙන්න ඒත් සතුටුයි කියන්න වගේ” කතාවක්.
දැන් ඉතිං එක වැඩක් පිටුවක් හොඳට පෙරලලා ආවට පස්සෙ මෙන්ම සහෝදරයා පොතක්ම පෙරළනවා.ඒකෙ හැඩෙන්ම පේනවා අරගලය කියන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ය කියලා.හරියටම ලංකාව නෙමෙයි කොළඹවත් දන්නෙ නැති මිනිස්සු පාරවල් අහගෙන ගෝල්ෆේස් ආවෙ හුළං වදින්න නෙමෙයි.වැඩියෙන්ම ඉඩට දරාගන්න බැරි තරම් ප්‍රශ්න ආව නිසා.
හැබැයි රනිල් ඇවිල්ල හුළං හරි ගිල්ලුවට පස්සෙ හුඟ දෙනෙක්ගෙ ඔළුව හිස් බව දන්න මුන්නැහෙල දැන් බලන්නෙ අරගලේ විජාතික උවමනාවකට වීරයා පන්නලා මේ රත්තරන් පොළව ඩැහැගන්න කරපු කුමන්ත්‍රණයක් කියන්න.ඒ වෙලාවෙ එහෙම කුමන්ත්‍රණයක් තිබුණ ඒකට අහු වුණාද ඉස්මොල්ලෙ යන තරමට ප්‍රශ්න ආවම දරා ගන්න බැරුව පාරට බැස්සද කියලා දැන් බඩ පිරුණම ඔළුව හිස් වෙන මිනිස්සු කොට්ඨාශයට අමතක වෙනවා.

දැන් ඒ අයටම මේක කියෙව්වම හිතෙන්න ගන්නවා අපිව අන්තර්ජාතික කුමන්ත්‍රණයකට අහු වෙලා කියලා.ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලයි.කාලා දාන ඇටේ පැල වෙන පොළවක් කියලයි වාමාංශිකයො වැඩියෙන්ම දායක වෙලා කියපු සහ කියන කතා ටික එක්ක මිනිස්සු ඡන්දෙදි හැම වෙලාවෙම වැඩ කරන්නෙ මේ රට අන්‍ය ජාතීන්ගෙන් බේරගන්න සහ අන්‍ය ආගමිකයන්ගෙන් බේරගන්නයි.සිංහල බෞද්ධ කියලා ලොකු ගාණක් ඉන්නවා වුණාම අනිත් මිනිස්සු තඹේකට වැඩක් නැහැ කියලා හිතන උන් ඉතිං ඡන්දෙ දෙනවා ජාතියයි ආගමයි බේරගන්න කියලා.දුන්නට පස්සෙ මරුම වැඩේ කියන්නෙ ගන්න එකා මොනව කෙරුවත් උට අර ජාතිය ආගම ඉස්සරහට දාලා රට බේරගන්න කියලා ඕනි පඩත්තල වැඩක් කරගන්න පුළුවන්.

රටක් හොරකම් මැරකම නවත්තන්නනෙ නීතිය තියෙනවා.නීතිය තිතට වැඩ කරනවනම් ඒකෙ හොඳ ඉතිං මිනිස්සුන්ට.ඒත් නීතියක් හැටියට ඒ සමඟ බද්ධ වී වැඩ කරන්න ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන පොඩි සටහනක් තමයි චක්‍රලේඛ කියන්නෙ.
“එක පාරටම ගෝඨාභය මං ජනාධිපති මම තමයි චක්‍රලේඛය” කිව්වම මිනිස්සු එකනදි තේරුම් ගන්න ඕනිනෙ මූනම් එන පොට හොඳ නැහැ.අපි කෙළවගෙන ඉන්නෙ කියලා.ඒත් මොකද වුණේ ඒකටක් විසිල් ගහලා බල්ටි ගහලා හුරේ දාලා මරු කිව්වා.පැනලා යනකොට ලොකු සල්ලියක් හම්බ වුණා කිව්වම අනේ කමක් නැහැ කියන අය තවමත් ඉන්නවා.

අර මල් ගෙනත් දෙන්නෙ අපේ දේවල් හරි කමක් නැහැ කාලා හැදියං අපි බඩගින්නෙ මැරිලා ගියත් කමක් නැහැ කියලා හිතන මිනිස්සු. ඒ අයට සමාජය විධිමත් පද්ධතියක් ඇතුළෙ හැදෙනවට වැඩිය දකින්න ඕනි තමන් පත්කරන නායකයා තමන් ඡන්දෙ නොදුන්න මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරනවා දකින්න විතරයි.මේ පක්ෂ ගෝත්‍රිකයො මේ වෙන කොට හැම පක්ෂයෙම ඉන්නවා.ඒ අය තමන්ගෙ නායකයො මොනවද කරන්නෙ ඒකට “එහෙයි” කියනවා.
දේකට පලු යන්න බැනපු නායකයෙක් කාලයක් ගිහිං ඇවිත් ඒක මාර හොඳට කරන්න පුළුවන්.හැබැයි ඒක පුළුවන් අපිට විතරයි කිව්වම සාදුත් කියනවා.
එහෙම සංස්කෘතියක බැසිල් හරි ඉතිං.රවට්ටන්නෙ නැහැ.මිනිස්සු ශ්‍රද්ධාවෙන් රැවටෙනවා.එහෙම ශ්‍රද්ධාවන්තයො බැසිල්ට විතරක් නෙමෙයි මේ පොළවෙ හැම පක්ෂයකම නායකයෙක්ට ඉන්නවා කියලා තේරුම් ගන්නකම් ඉන්න වෙන්නෙ රැවටෙන මිනිස්සු ගොඩේ තමයි.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan