රුසියානු සෙබළුන් 600 ක් යුක්රේනයට බාර‌ වෙලා – ඊ-බේ ආයතනයෙනුත් රුසියාවට සම්බාධක

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 – 600 අතර ප්‍රමාණයක් යුක්රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර මේ දක්වා සටන් හේතුවෙන් මියගිය සමස්ත යුක්රේන සෙබළුන්ගේ සංඛ්‍යාව 1300 පමණ වන බවද සෙලෙන්ස්කි පවසයි. රුසියානු සෙබළුන් 12,000 කට වැඩි ප්‍රමාණයක් මරාදමා ඇති බව මීට පෙර යුක්රේන වාර්තා තහවුරු කර තිබිණි.

පසුගියදා යුක්රේන නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සමග දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර රුසියා-යුක්රේන ගැටුම් නවතාලීමට අදාල සාම සාකච්ඡා කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.

රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන අතර ලොවපුරා ව්‍යාප්ත බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක් රුසියාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. මේ අතරට අලුතින්ම එකතු වී තිබෙන්නේ ඊ-බේ සමාගමයි. එම සමාගම රුසියාව තුළ සියලු මෙහෙයුම් අත්හිටුවා ඇති අතර රුසියානු ලිපින වෙත පාර්සල් බෙදා හැරීම නතර කර තිබෙනවා.

මීට සාපේක්ෂව යුක්රේන ජාතිකයන් වෙත කිසිදු ගාස්තුවකින් තොරව පාර්සල් ප්‍රවාහනය කිරීමටද ඊ-බේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...