ඇතැම් දේශපාලන පක්ෂ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා – මහින්ද අමරවීර

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): ගොවිජනතාවට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගොවිතැන් සඳහා ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට සහ ජලය පෞද්ගලීකරණය කිරීමට උත්සාහයක් පවතින බවට ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කළ  ද එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් යෝජනාවක් හෝ කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා චෝදනා කරන්නේ, එසේ තිබියදී දේශපාලන වාසි ලබා ගැනීමට ගොවි නියෝජිතයින් කියා ගන්නා පිරිසක් ගොවිජනතාව නොමග යැවීමට උත්සාහ දරණ බවටයි .

හුංගම හාතාගල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කළා.

අමාත්‍යවරයා අතින් මෙහිදී අඩු ආදායම් පවුල් 200 ක් සඳහා කුකුළු පැටවුන් ලබාදීම සිදු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments…...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...