2024 ලෝක රූ රැජිණ ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා සිස්කෝවා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ලෝක රූ රැජිණ ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා සිස්කෝවා තේරී පත්වී තිබෙන බව වාර්තා වේ.

ලෝක රූ රැජිණ තරගාවලිය ඉන්දියාවේ මුම්බායිහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ,මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වුණේ වසර 28කට පසුවයි.

ඉන්දියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවූයේ 22හැවිරිදි සිනී සෙට්ටියි.

71 වන ලෝක රූ රැජිණ තරගාවලියට රටවල් 115ක් නියෝජනය කරමින් තරගාකාරියන් සහභාගි වූ අතර , ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ක්‍රිස්ටිනා සිස්කෝවා 23 හැවිරිදි වියේ පසුවන බව පැවසේ.

ඇය නීතිය , ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක් බව සඳහන් වේ.

චෙක් ජන රජය ලෝක රූ රැජිණ කිරුළ අවසන් වරට දිනාගෙන තිබුණේ 2006 වසරේදී බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...