2024 ලෝක රූ රැජිණ ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා සිස්කෝවා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ලෝක රූ රැජිණ ලෙස චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා සිස්කෝවා තේරී පත්වී තිබෙන බව වාර්තා වේ.

ලෝක රූ රැජිණ තරගාවලිය ඉන්දියාවේ මුම්බායිහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ,මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වුණේ වසර 28කට පසුවයි.

ඉන්දියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවූයේ 22හැවිරිදි සිනී සෙට්ටියි.

71 වන ලෝක රූ රැජිණ තරගාවලියට රටවල් 115ක් නියෝජනය කරමින් තරගාකාරියන් සහභාගි වූ අතර , ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ක්‍රිස්ටිනා සිස්කෝවා 23 හැවිරිදි වියේ පසුවන බව පැවසේ.

ඇය නීතිය , ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක් බව සඳහන් වේ.

චෙක් ජන රජය ලෝක රූ රැජිණ කිරුළ අවසන් වරට දිනාගෙන තිබුණේ 2006 වසරේදී බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...