විසඳුම් ලබානොදෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙනවා – වි.වි.අ. කාර්යමණ්ඩලය

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වේ.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් සඳහන් කළේ, අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.

“ඊයේ දහවල් 12ට දිවයිනේ තියෙන ජාතික විශ්වවිද්‍යාල 17ම අධ්‍යයන නොවන සේවක මණ්ඩලය සේවයෙන් ඉවත් වුණා. මෙයට ප්‍රධානම හේතුව පසුගිය ජනවාරි මාසයේ 22 වනදා සාකච්ඡාවේ දී අපිට පොරොන්දු වුණා විශ්වවිද්‍යාලවල වැටුප් කප්පාදුව නිවැරදි කරනවා කියලා. තාමත් එය නිවැරදි කරලා නෑ. ඒ නිසා වැඩවර්ජනය ක්‍රියාත්මකයි. බලධාරීන් මේකට විසඳුම් ලබාදෙන්නේ නැත්නම් අපිට සිදුවනවා ලබන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන්න.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...