සජිත්ගේ “සක්වල” 122 වැනි ස්මාර්ට් පන්ති කාමරය අනුරාධපුර කේ.බී. රත්නායක විදුහලට (VIDEO)

Date:

රටේ ඇති සෑම ප්‍රශ්නයකට ම පිළිතුර වන්නේ රටට ලැබෙන ඩොලර් සහ රුපියල් බවත් ඩොලර් සහ රුපියල් ඉපයීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිව කයිවාරුවෙන් කවුරුන් හෝ බලයට ඒමට සිතා ගෙන සිටිනවා නම් රටේ ජනතාව දෙවැනි ඛේදවාදකයකට මුහුණ දීමක් හා සමාන සිදුවීමක් බවත් 2019 මෙන් 2024 දී ද ජනතාවට දරුණු ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදාබැලීම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයකට රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, පසුවිපරුම සහ ප්‍රතිපෝෂණය සිදු කළ යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් සැකසීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 122 වැනි අදියර යටතේ අනුරාධපුර කේ. බී. රත්නායක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි. එසේම මෙම පාසලේද නර්තන කණ්ඩායම සඳහා ඉදිරියේ දී ආධාර ලබා දීමට කටයුතු කරන බවට විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

රට ගොඩ ගත හැක්කේ ආර්ථික වර්ධනයකින් පමණයි

රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට රටට රුපියල් හා ඩොලර් අවශ්‍ය බවත් බංකොලොත් රටක් තුළ මේ ඩොලර් උත්පාදනය කළ හැක්කේ ආර්ථික වර්ධනයක් තුළින් පමණක් බවත් දැනුම කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන අප රටට ලබා ගන්නා ආර්ථික ක්‍රමවේදයක් හරහා ගරා වැටුණු කඩා වැටුණු දේශය නැවතත් අභිමානවත් මාතෘභූමියක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ Education First

සක්වල වැඩසටහනේ ප්‍රධාන අරමුණ Education First නම් ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපනයට පළමු තැන ලබා දීම තමාගේ ද මුඛ්‍ය අරමුණ වුවත් මේ අධ්‍යාපන ක්‍රමය නූතන වාදී කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි

රජය කියන ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ, අධි පොහොසතුන්ගේ දූපුතුන්ට පමණක් නිර්මාණය වන නමුත් නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන්ට එම වරම නොමැති බවත් දිනපතාම ඒ නිසා මේ දූදරුවන්ගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් යල්පැනගින අධ්‍යාපනය තුළ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් දූදරුවන් විරැකියා පෝළිමේ නතර වන බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වන බවත් මෙය මහා ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 122ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1222ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...