*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ TikTok පනතට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ TikTok පනත සාධාරණත්වයෙන් තොර පනතක් බව චීනය පවසයි.

එම පනතට අනුව, චීනයේ ByteDance සමාගම සිය TikTok මෘදුකාංගය පාලනය කිරීමෙන් ඉවත් නොකරන්නේ නම් ඇමරිකාව තුළ TikTok භාවිතය තහනම් කිරීමට ඇමරිකාව පියවර ගනු ඇති බව සඳහන් වේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදීයි එම පනතට විරෝධය පළ කරමින් ‍අදහස් ප්‍රකාශ කළේ.

ඇමරිකාවේ මෙම ක්‍රියාවලිය සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මය සහ ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ න්‍යාය උල්ලංඝනය කිරීමක් බව චීනය පවසයි. ජාතික ආරක්ෂාව සුරැකීමේ නාමයෙන්, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සෙසු රටවල දියුණු සමාගම් මෙලෙස මර්දනය කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණත්වයෙන් තොර ක්‍රියාවලියක් බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan