ඇමරිකාවේ TikTok පනතට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ TikTok පනත සාධාරණත්වයෙන් තොර පනතක් බව චීනය පවසයි.

එම පනතට අනුව, චීනයේ ByteDance සමාගම සිය TikTok මෘදුකාංගය පාලනය කිරීමෙන් ඉවත් නොකරන්නේ නම් ඇමරිකාව තුළ TikTok භාවිතය තහනම් කිරීමට ඇමරිකාව පියවර ගනු ඇති බව සඳහන් වේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදීයි එම පනතට විරෝධය පළ කරමින් ‍අදහස් ප්‍රකාශ කළේ.

ඇමරිකාවේ මෙම ක්‍රියාවලිය සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මය සහ ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ න්‍යාය උල්ලංඝනය කිරීමක් බව චීනය පවසයි. ජාතික ආරක්ෂාව සුරැකීමේ නාමයෙන්, කිසිදු සාධාරණ හේතුවකින් තොරව සෙසු රටවල දියුණු සමාගම් මෙලෙස මර්දනය කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණත්වයෙන් තොර ක්‍රියාවලියක් බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...