වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන(12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වැඩ අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):අද (15) පෙරවරුවේදී වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියකවූ දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ දී වැඩ භාරගත් බව වාර්තා වේ.

රාජ්‍ය කළමනාකරණ සේවයෙන් රාජ්‍ය සේවයට එක්ව අති දීපිකා ගුණරත්න මහත්මිය, ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක, ප්‍රාදේශීය ලේකම්වරියක, අමාත්‍යාංශ අතිරේඛ ලේකම්වරියක ලෙස මෙන්ම දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ද කටයුතු කර ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීනියකි.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීමට පෙර ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇති අතර, වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන(12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වන දීපිකා ගුණරත්න වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ද වීම විශේෂයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...