රෝහින්ග්‍යා බෝට්ටුවක් පෙරලීමෙන් අවම වශයෙන් 50 දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළට ඔබ්බෙන් රෝහින්ග්‍යා සරණාගතයන් 150 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් අවම වශයෙන් 50 දෙනෙකු මිය යන්නට ඇති බව වාර්තා වේ.

ඊයේ(20) උදැසන අචේහි බටහිර වෙරළ තීරයේ ක්වාලා බුබොන් වෙරළේ සිට කිලෝමීටර් 19 ක් (සැතපුම් 12 ක්) පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති අතර පුද්ගලයන් හය දෙනෙකු කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු අචේහි ධීවරයන් විසින් බේරාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ (UNHCR) නියෝජිත ෆයිසාල් රහමන් ප්‍රකාශ කර තිබුණේ, නිවැරදි මරණ සංඛ්‍යාව තහවුරු කළ නොහැකි අතර දිවි ගලවා ගත් අයගේ සාක්ෂි අනුව බොහෝ දෙනෙක් දියේ ගිලී ඇති බවත් මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් හා ළමුන් බවට විශ්වාස කරන බවත්ය.

මියන්මාරයේ දශක ගනනාවක හිංසා පීඩාවලින් පලා යමින් සිටින රොහින්ග්‍යාවරුන් මිලියනයක් පමණ බංග්ලාදේශයේ ජනාකීර්ණ කඳවුරුවල ජිවත්වන වෙති.

2021 පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ තත්වය තවත් නරක අතට හැරී ඇති අතර, බොහෝ සරණාගතයින් වෙනත් තැනකට ආරක්ෂාව පතා යාමට පොළඹවා ඇති අතර අචේහි සරණාගතයන් බොහෝවිට මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරන බවයි සඳහන් වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...