Eylon Levy ගේ සේවය අත්හිටුවයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අයිලෝන් ලෙවිගේ ( Eylon Levy) සේවය අත්හිටුවා ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල රජයේ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ප්‍රකාශක ලෙස Eylon Levy කටයුතු කළ බව වාර්තා වේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඔහුගේ සේවය අත්හිටුවීම පිළිබඳ ඊශ්‍රායල අගමැති කාර්යාලය මෙතෙක් කිසිදු හේතුවක් ප්‍රකාශ නොකළද, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරොන් සමඟ පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ඇති කරගත් උණුසුම් සංවාදය ඊට හේතුවන්නට ඇති බවයි.

මේ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකයා ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සේවය අත්හිටුවීමට හේතුවී ඇත්තේ මානුෂීය ආධාර ට්‍රක් රථ වැඩි වශයෙන් ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායල රජය අවසර දිය යුතු බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා එක්ස් සාමාජ මාධ්‍යජාලයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු නිකුත් කළ නිවේදනය බවට එරට මාධ්‍ය අනුමාන කර තිබේ.

ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු සපයා ඇත්තේ, අවශ්‍ය ප්‍රමාණයට වඩා ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ පැමිණෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...