අවම රුපියල් ලක්ෂයකින් පඩි වැඩි නොකළොත් වැඩවර්ජනය කරනවා – පරිපාලන නිලධාරීන් අනතුරු හඟවයි

Date:

මේ මොහොතේදී අවම වශයෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් සියලුම පරිපාලන සේවා නිලධාරීන්ට සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමට කටයුතු නොකරන්නේ නම් වැඩවර්ජනයක නිරත වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

“පහුගිය දවස්වල මහබැංකුවේ නිලධාරීන් තම වැටුප ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට පෙරත් අපි ගරු ජනාධිපතිතුමාටත් භාණ්ඩාගාරයටත් අදාළ සියලු බලධාරීන්ටත් දන්වා සිටියා විධායක ශ්‍රේණින්වල ඉන්න 13000ක් පමණ වන නිලධාරීන්ගේ දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල නිලධාරීන් ඉතා බරපතළ ගැටලුවලට මුහුණ පාලා ඉන්නවා, ඒ අයට පහසුකම් සපයා දීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. ඉතින් මේ තත්වය මත තවදුරටත් රාජ්‍ය සේවාවන් පවත්වාගෙන කළ හැකිද කියලා ගැටලුවක් අපට තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක අවම වශයෙන් දීමනාවක් මේ මොහොතේ වැඩිකිරීම අත්‍යාවශ්‍යයයි කියන එක රජයට දන්වන්න. මහාභාණ්ඩාගාරයේ ලේකම්තුමාට – විශේෂයෙන්ම මහබැංකුවේ වැටුප් වැඩිවීමෙන් වැටුප් ලබන නිලධාරියෙක් හැටියට එතුමාට – සහ අපි එතුමාට බලකිරීමක් කරනවා ප්‍රතිපත්තිය සකස් කරලා මහභාණ්ඩාගාරය එකතු කරන මුදල්වලින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන්න කියලා ඉතාම කඩිනමින්”

එම සංගමයේ සභාපති මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුවට බාධා කිරීම සඳහා ද යම්කිසි පිරිසක් පැමිණ සිටි අතර පසුව පොලීසිය පැමිණ ඔවුන්ගෙන් හතර දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...