මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වර්ණවත් හෝලි උත්සවය සමරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):වසන්තයේ ආරම්භය හා නපුරට එරෙහිව යහපත ජය ගැනීම සංකේතවත් කරමින් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වර්ණවත් හෝලි සැමරුම් උත්සවවලට එක්ව සිටි බව වාර්තා වේ.

චන්ද්‍ර මාසයේ අවසාන පුර පසළොස්වක පොහොය දිනයේදී පවත්වනු ලබන උත්සවයේදී මිතුරන්ට හා පවුලේ අයට දීප්තිමත් වර්ණ ආලේප කර යැදීම් සිදු කරන ආකාරය දැකගත හැකි වන අතර, විෂ්ණු දෙවියන්ට නමස්කාර කිරීම හේතුවෙන් තම බෑණනුවන් වන ප්‍රහ්ලාද් මරා දැමීමට උත්සාහ කරන හොලිකා නම් යක්ෂණියගේ පුරාවෘත්තය මත පදනම්ව හෝලි උත්සව සැමරුම් සිදු කෙරෙන බව සඳහන් වේ.

නමුත් හෝලිකා ගිනිදැල්වලින් දැවී ගියත් ප්‍රහ්ලාද් ඇවිලෙන ගින්නෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත්තා.උත්සවයේ කොටසක් ලෙස, හෝලි උත්සවයට පෙර දින සවස ගිනිදැල් දල්වනු ලබන්නේ යහපත ජය ගැනීම සඳහා අයහපත විනාශ කරන බවට විශ්වාසයෙනි

ගුජරාට් ප්‍රාන්තයේ මේ වෙනුවෙන් අගනුවර වන ගාන්ධිනගර් අසල ගම්මානයක ඊයේ රාත්‍රියේ දර ටොන් 200ක් යොදාගෙන දැවැන්ත ගිනි මැලයක් දල්වා තිබුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...