පොල් වතුරෙන් ඩොලර්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව, 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක් වේ.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බවයි.

අද දින (25) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

වනසත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවත්, එමගින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බවත් මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...