යුද ගිණි මැද යුක්රේනයට රත්තරන්

Date:

බෙයිජිං පැරා ඔලිම්පික් තරගාවලිය සමඟ නිරන්තරයෙන් යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය ගැන කියැවිණි.එය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කළ පිරිස,ජාත්‍යන්තර පැරා ඔලිම්පික් සභාපති ඇන්ඩෲ පාර්සන්ස් ගේ සිට බොහෝ වූහ.තරගාවලියේ දී ක්‍රීඩා ලෝකය එක්ව සිටගෙන රුසියාවද ඔවුන්ට යුද්ධයට පහසුකම් සපයන බෙලරුසියාවද තරඟාවලියෙන් ඉවත් කරන්නට කටයුතු සිඳු කළේය.

එහෙත් යුක්රේනුවන්ගේ ශක්තිය,හැකියාව ගැන හරිම චිත්‍රය ඇන්දේ යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.තමන්ගේ ඥාතීන්,හිත මිතුරන් නිවාස,දේපළ සම්බන්ධයෙන් සංවේගාත්මක පුවත් නිතර ආරංචි වෙද්දී ඔව්හූ, රටට සතුටුවෙන්නට දිය හැකි උපරිමය ලබා දෙන්නට ඒ සියළු වේදනා දරා ගනිමින් වෙහෙසුනහ.එහි ප්‍රතිපලය වූයෙ මෙවර තරගාවලියේ දෙවන තැන යුක්රේනයට හිමි වීමය.එහිදී යුක්රේනයට රන් පදක්කම් 11 ක් හිමි විය.රිදී පදක්කම් 10 කි.යුක්රේනය දිනා ගත් ලෝකඩ පදක්කම් ගණන 8 කි.

ක්‍රීඩාව සහ ක්‍රීඩකයා කෙතරම් අපූරුද?ඔවුන්ට රටක් තමන්ගෙන් බලාපොරොත්තුවන දේ ඉටු කරන්නට කෙතරම් මානසික සහ කායික ජවයක් ඇද්ද?සියල්ල අලු දුවිලි බවට පත්වෙන රටක ජනතාවට සතුටු වෙන්නට තමන්ගේ සපුරා නිරෝගී නොවූ සිරුරුවලින් ලබා දුන් ජයග්‍රහණ යුක්රේනය පමණක් නොව මුළු ලෝකයේම ශිෂ්ඨ සදාචාරය ගෞරවයෙන් පිළිගන්නා බව නිසැකය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : අද (25) දින...

කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍ය වීර දිනය සමරයි!

කොළඹ LNW: නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන්...