ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මත්තේගොඩ යුද හමුදා ඉංජිනේරු බලකායේ විශේෂ සංචාරයක!

Date:

කොළඹ LNW:ඇති විය හැකි ස්වභාවික සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණ දීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ මත්තේගොඩ පිහිටි යුධ හමුදා රසායනික,ජීව විද්‍යාත්මක,විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ සංචාරයක නිරත වෙමිනි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා අද (26) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විශේෂ අවස්ථාවන් කෙරෙහි ප්‍රතිචාර දැක්වීම සඳහා වන පෙර සූදානම පිලිබඳ සොයා බැලීම සඳහා මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මත්තේගොඩ පිහිටි 14 වන CBRN ප්‍රතිචාර රෙජිමේන්තුව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම් කේ ජයවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විශේෂ හැකියාවන්ගෙන් යුත් රථ පෙළක් මගින් අමාත්‍යවරයා වෙත සිය ගෞරවය පිරිනමන ලදී.

ඉන් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනේදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම (EOD) සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ හැකියාවන් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. අමාත්‍ය තෙන්නකෝන් විසින් එම නිෂ්ක්‍රිය සහ ප්‍රතිචාර දැක්වීම් සඳහා යොදා ගන්නා උපකරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ භට පිරිස් විසින් සිදු කල නිදර්ශනාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් ද නිරීක්ෂණය කරනු ලැබිය.

යුද හමුදා ඉංජිනේරු බලකායේ සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග, 59 වන ඉංජිනේරු බල සේනාවේ අණ දෙන නිලධාරි මේජර් ජෙනරල් කපිල දොලගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...