ඉන්දියාවේ නිළ සංචාරයක නිරත බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි

0
419

ඉන්දියාවේ නිළ සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී තිබෙනවා. කෘෂිකාර්මික, සංචාරක, ධීවර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

ඉන්දීය අගමැතිවරයා පවසා තිබෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග නිරතුරුවම සමීප මිතුරෙකු ලෙස කටයුතු කරන බවයි. අත්‍යවශ්‍ය සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බවද අගමැතිවරයා පවසා තිබෙනවා.

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දියුණු කිරීම කෙරෙහි මෙන්ම ඩිජිටල් හැඳුණුම්පත් හඳුන්වා දීම කෙරෙහිද දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අගමැතිවරයා පවසා තිබේ.

බෞද්ධ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මුදල් ඇමතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

UN

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-03-16-at-3.57.02-PM-1.jpeg
This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-03-16-at-3.57.02-PM-2.jpeg
This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-03-16-at-3.57.02-PM.jpeg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here