අපි පන්සල් යන්නෑ කියන කතාව විරුද්ධවාදීන්ගේ බොරුවක්. මම රාමඤ්ඤ නිකායේ උපසභාපති – විජිත හේරත්

Date:

ජාතික ජන බලවේගයේ නායකයින් පන්සල් නොයන බවට ඇති චෝදනාව දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රචාරණය කරන බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාලාට චෝදනාවක් තියෙනවා පන්සල් යන්නෙ නෑ කියලා. හැබැයි අපි දන්න විදියට ඔබතුමා රාමඤ්ඤ නිකායේ උපසභාපති. කොහොමද එහෙම තනතුරක් හම්බුණේ ?

“ජාතික ජන බලවේගය මේ රටේ සියලු ආගම්වල අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම ආගමික නිදහස – ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලු ආගම්වලට ගරු කරමින් ඒ සියලු ආගම් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා වැඩකරනවා. ඉතින් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි රාමඤ්ඤ නිකායේ උපසභාපති වගකීම මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ කටයුතුවල නිරන්තයෙන් නිරතව ඉන්නවා. ඒ වගේම හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති. ඉතින් එහෙම නම් ඔය කියන චෝදනා එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ ජාතික උරුමයන් රකින්න, මේ රටේ සංස්කෘතිය රකින්න මැදිහත් වෙච්ච, මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපි ආගම්වලට මැදිහත් වෙන්නෑ කියන එක සම්පූර්ණ බොරුවක්. ඒ හිතාමතා අපේ විරුද්ධවාදීන් හදන වැරදි මතයක්”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ මීරිගම දොලහේන ප්‍රදේශයේදී පෙරේදා (28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...