පෝලන්ත අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෝලන්ත අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවමින් කියා සිටින්නේ, යුරෝපා කලාපය යුද්ධයකට ආසන්නයෙන් සිටින බවයි.

පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් පවසන්නේ, සමස්ත මහද්වීපයේම යහපත වෙනුවෙන් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය නොකළ යුතු බවත්, යුද්ධයේදී ජයග්‍රහණය සඳහා යුක්‍රේනයට අවශ්‍ය සහාය ලබාදිය යුතු බව ඔහු කියා සිටී.

පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට රුසියාව පෙරේදා එල්ලකළ දැවැන්ත ප්‍රහාරයත් සමගයි .

කෙසේ වෙතත් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටින්නේ තම රට නේටෝ රටවල් කෙරෙහි ආක්‍රමණ ශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති තම රට නේටෝ සංවිධානයේ රටවල් වලට පහරදීමේ සූදානමක් නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...