ආසියාවේ පෙරළියක් කළ ලංකාවේ පැසි පන්දු

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 31, කොළඹ (LNW): ආසියානු ත්‍රිත්ව සාමාජික පැසිපන්දු තරගාවලියේදී මෙවර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.සුදුසුකම් ලැබීමේ වටය සඳහා තේරීමේ තරගවලදී ඔවුන් දකුණු කොරියාව,උතුරු මරියානා දූපත සහ ඉන්දුනීසියාව කියෝජනය කළ බී කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගත්තා.දකුණු කොරියාව පරාජය කරමින් ඔවුන් ඉදිරි වටයට පැමිණීමට සමත්වීම කැපී පෙණුන අතර සුදුසුකම් ලැබීමේ වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වුණේ මොංගෝලියාව සහ තායිලන්තයයි.


මොංගෝලියාව තරගයේදී කරට කර සටන් කර,ලකුණු සම මට්ටමේ පවත්වා ගනිමින් තරගය අතිරේක කාලය දක්වා රැඟෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.එහිදී අතිරේක කාලයේ දී මොංගෝලියාව ලකුණු 15 – 13 ක් ලෙස ඉදිරියට එන්නට හැකියාව ලැබුණා.තායිලන්තය සමඟ පැවති දෙවන තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 21 – 9 ක් ලෙස පරාජය වීමට සිඳු වුණත් සමස්ත තරගාවලිය ගත් විට ශ්‍රී ලංකාව ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.


රුක්ෂාන් අතපත්තු,පවන් ගමගේ,දසුන් නිලන්ත මෙණ්ඩිස් සහ සිම්රොන් යෝගනාදන් මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳුණා.තරගාවලියේ අවසන් කණ්ඩායම් අට තුළ ශ්‍රී ලංකාව පරාජය වූ මොංගෝලියාව සහ තායිලන්තය යන කණ්ඩායම් දෙකම තිබීම කැපී පෙනෙනවා.සුදුසුකම් ලැබීමේ වටය නිමාවේ ශ්‍රී ලංකාව සමස්ත කණ්ඩායම් අතර 12 වන තැන සිටින අතර දකුණු ආසියාතික කළාපය ගත් විට ඉන්දියාවට ඉදිරියෙන් සිටිමින් මේ තරගාවලියේ දස්කම් දක්වන්නට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...