තැපෑල අඩාලයි, තැපැල්කරුවන්ගේ හිඟය උග්‍ර වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW):තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදා හැරීමට බාධා එල්ල වී ඇති බව තැපැල්පති පී. සත්කුමාර් මහතා පවසයි.

ඔහු පැවසූවේ, තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවයි.

එනිසා කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් ඇති බවත්, තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බව ද තැපැල්පතිවරයා පවසා සිටී.

තැපැල්පති පී. සත්කුමාර් වැඩිදුරටත් පැවසුවේ, බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...