සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 02 , කොළඹ (LNW): සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇති , සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවන බව පැවසේ.
ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබුණු බවද සඳහන් වේ.