ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක වෙඩි තැබීමක්; ළමුන් තිදෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරට තදාසන්න ප්‍රදේශයක් වන වන්ටා හි වියර්ටෝලා පාසලේ වෙඩි තැබීමක් හේතුවෙන් වයස අවුරුදු 12ක ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වෙඩි තබන ලද සැකකරු වයස අවුරුදු 12 ක පමණ දරුවකු බව හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. තුවාල කරුවන් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරමින් පාසලේ විදුහල්පති සාරි ලසිලා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ක්ෂණික අනතුර අවසන් බවයි.

දඩයම්කරුවන්ගේ සහ තුවක්කු ලෝලීන්ගේ රටක් ලෙස හඳුන්වන මිලියන 5.5 ක ජනගහනයක් සහිත පින්ලන්තයේ තුවක්කු හිමියන් 430,000 ක් පමණ සිටින අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ රටතුල මිලියන 1.5 කට වැඩි තුවක්කු ප්‍රමාණයක් සංසරණය වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...