ආණ්ඩුවේ තවත් ජන්ද කුමන්ත්‍රණයක් ගැන මන්ත්‍රී ගම්මන්පිලගෙන් අනාවරණයක්!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයාගේ සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ,අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ මැතිවරණ දෙකම එකම දින පැවැත්වුව හොත් එය රටට අවාසිදාය බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

”ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධූරයේ බලය හීන වීම වලක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණා.

මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නෑ. 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා. මැතිවරණ කොමිසම නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරපු දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙකම එකම දිනයේ පවත්වන්න පුළුවන්.

ආර්ථික අර්බුදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙන බවයි ගම්මන්පිල මහහා තවදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...