රුසියාව යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක පමණ ප්‍රදේශයක බලය අත්පත් කර ගනී!

Ukrainian troops inspect the site following a Russian airstrike in Kyiv, Ukraine, Saturday, Feb. 26, 2022. (AP Photo/Vadim Ghirda)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව විසින් යුක්රේන භූමියෙන් වර්ග කිලෝ මීටර 400ක පමණ ප්‍රදේශයක බලය අත්පත් කර ගැනීමට සමත්වු බව නිවේදනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රුසියා ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුක්රේනයට අයත් වර්ග කිලෝ මීටර 400ක භූමි ප්‍රදේශය තම පාලනයට අත්පත් කර ගත්තේ මෙම වසර තුළ දී බවයි.

මාස කිහිපයකට පසුව පළමු වරට රුසියාව තම යුද මෙහෙයුම් හරහා මෙතරම් විශාල ප්‍රදේශයක් අත්පත් කර ගැනීමට සමත් ඇත,

ප්‍රමාණවත් තරම් උණ්ඩ හා සෙබළුන් නොමැති වීම හේතුවෙන් මේ වන විට යුක්රේනය පසුබෑමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

මෙලෙස අත්පත් කර ගෙන ඇත්තේ, ඩොනේට්ස්ක් / කාසන් / ලුහාන්ස්ක් හා සපෝරිෂියා යන ප්‍රාන්තයන්ට අයත් වර්ග කිලෝ මීටර් 400ක ප්‍රදේශයකුයි