(VIDEO):මෛත්‍රී යළි කට අරී – අමරවීරලට හොදි නැතුවම බෙදයි

Date:

කොළඹ LNW:රජයට එකතු නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ප්‍රමුඛත්වය දිය යුතු බවට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එය නොසලකා හරිමින් ඇමති තනතුරු වෙනුවෙන් පක්ෂය ආණ්ඩුවට ගෙන යාම සඳහා ක්‍රියා කළ පිරිසට එරෙහිව පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුවත් සමඟ සිටින අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ලෙසම තමන් විධායක සභාවට හේතු දැනුම් දුන් අතර ඊට ආණ්ඩුව සමඟ සිටින කිහිපදෙනෙක් හැර සෙසු සියලු දෙනා එකඟ වූ බවයි සිරිසේන මහතා සඳහන් කරන්නේ.

ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයට නොයෙක් අභියෝග එල්ල වූ අතර ඒ සියල්ලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණ ඇති බවත් ඉදිරියේදී පවතින තත්ත්වය ගැන අධිකරණයට කරුණු දැක්වීම මෙන්ම ජනතාවටද කරුණු කියන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...