(VIDEO):මෛත්‍රී යළි කට අරී – අමරවීරලට හොදි නැතුවම බෙදයි

කොළඹ LNW:රජයට එකතු නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ප්‍රමුඛත්වය දිය යුතු බවට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එය නොසලකා හරිමින් ඇමති තනතුරු වෙනුවෙන් පක්ෂය ආණ්ඩුවට ගෙන යාම සඳහා ක්‍රියා කළ පිරිසට එරෙහිව පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුවත් සමඟ සිටින අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ලෙසම තමන් විධායක සභාවට හේතු දැනුම් දුන් අතර ඊට ආණ්ඩුව සමඟ සිටින කිහිපදෙනෙක් හැර සෙසු සියලු දෙනා එකඟ වූ බවයි සිරිසේන මහතා සඳහන් කරන්නේ.

ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයට නොයෙක් අභියෝග එල්ල වූ අතර ඒ සියල්ලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණ ඇති බවත් ඉදිරියේදී පවතින තත්ත්වය ගැන අධිකරණයට කරුණු දැක්වීම මෙන්ම ජනතාවටද කරුණු කියන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...