සතුට එක ඡායාරූපයක – සයවසරකට පසු නසානින් සගාරි සිය සැමියා සහ දියණිය සමඟ එක්වෙයි!

ඉරානයේ සයවසරක කාලයක් සිරදඬුවම් විඳ ඊයේ (16) දින නිදහස ලැබූ බ්‍රිතාන්‍ය-ඉරාන ජාතික නසානින් සගාරි රැට්ක්ලිෆ් යළි බ්‍රිතාන්‍යයට පැමිණ සිටී.

අද (17) දින ඈ සිය සැමියා රිචර්ඩ් සහ අට හැවිරිදි දියණිය ගැබ්‍රියෙල් සමඟ ඔක්ස්ෆර්ඩ්ෂයර් ගුවන් තොටුපළේදී එක්වන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට හුවමාරු වෙමින් පවතී.

ඉරානය හා බ්‍රිතාන්‍යය අතර දශක පහක පමණ කාලයක නොවිසඳුන යුධ ගනුදෙනුවකට අදාළව ප්‍රාණ ඇපයට තබාගනිමින් නසානින් ඉරාන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ ඉකුත් 2016 වර්ෂයේදී ය. ඒ එවකට දෙහැවිරිදි සිය දියණිය සමඟ ඉරාන අලුත් අවුරුද්දට තම දෙමාපියන් බැලීමට ඉරානයට ගිය මොහොතේ ය.

ඉරාන රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරන සංවිධානයකට ඈ නායකත්වය සපයන්නේ යැයි සාවද්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට පත්වන නසානින් තම නිදහස වෙනුවෙන් දැඩි අරගලයක නිරත වූවාය.

සය වසරක සිරදඬුවම් විඳි නසානින් ඉරානය හා බ්‍රිතාන්‍යය අතර නොවිසඳුනු යුධ ටැංකි ගනුදෙනුවක් නිසා මතුවූ දේශපාලන අර්බුදයක වින්දිතයෙකි.

නමුත් අද දින ඈ නිදහස ලබා සිය පවුල සමඟ යළි එකතු වී තිබේ.

නසානින් සමඟ තවත් බ්‍රිතාන්‍ය-ඉරාන සම්භවයක් ඇති පුද්ගලයන් දෙදෙනෙකු සිරභාරයට ගෙන තිබූ අතර ඒ දෙදෙනා ද නිදහස් කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය රජය ඉහත කී ගනුදෙනුවට අදාළ මුදල් යළි ලබා දීමට එකඟතාව පළකර ඇති පසුබිමක් තුළය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...