රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන්ගේ අසමත්භාවය පිළිගෙන තවදුරටත් ජනාධිපතිවරයා ලෙස ඉදිරියට යා නොහැකි බවට පැවසුවේ නම් ඔහුට මීට වඩා ගෞරවයක් ලැබෙන්නට ඉඩ තිබුණු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් පවතින අර්බුද ගැන කතා කරමින් ඒවා නිර්මාණය කළේ තමන් නොවන බව පැවසුවද ඒවා නිර්මාණය කළේ තමන්ගේ සහෝදරයා ප්‍රමුඛ ආණ්ඩුව බව අමතක නොකරන ලෙස හෙතෙම කියා සිටියේය.

රට අර්බුදයට ගියේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දු තීරණ නිසා වන බවත් දැන් එම අර්බුද ජනතාව පිට පැටවීමට උත්සහ දරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැනුම පිළිබඳ වෙනත් පරීක්ෂණයක් කිරීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...