ජනපතිගේ ප්‍රකාශයට ශ්‍රීලනිපයෙන් දැඩි විවේචනයක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ආණ්ඩුවේම ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ ඉදිරිපත් කළේය.

“මේ වර්තමානයේදී මතුවෙලා තියෙන කාරණාව ජනාධිපතිතුමාගෙ පරිධියෙන් පරිබාහිරයි කියන කතාව එතුමා කිව්වා. ඉතින් මම හිතන්නෙ එතුමාගෙ ඉතාම කෙටි කතාව තුළ ජනතාවට දුන්න පණිවිඩයක් ගැන මට විශේෂයෙන් ලොකුවට පෙනුනෙ නෑ, දැනුනෙ නෑ. මේක ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා, ඉදිරි වර්ෂ තුන එතුමා මේක ගොඩනඟනවා කියන කාරණාව කිව්වා. ගොඩනැඟීම සඳහා වූ මාර්ග සිතියමක් පෙන්වා දුන්නෙ නෑ. රටක පාලකයො පාලන බලය ගත්තේ ඉතිහාසයේ වැරදි කරපු සියලු දෙනාගෙම වැරදි නිවැරදි කිරීම සඳහා. ජනතාව අතිවිශාල ජනවරමක් දුන්නෙ ඒ සඳහා. රටේ ප්‍රශ්න විසඳන්න නම් ඒ සඳහා වූ දේශපාලනඥයින්, උගතුන්, බුද්ධිමතුන් සමග ස්වයංවිවේචනාත්මකව ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙ. රටේ පාරදෘෂ්‍යභාවයකින් යුක්තව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගන්න ඕනෙ. මේ කාරණා ටික ඉෂ්ඨ නොකර රට නැවත ගොඩනඟනවාය කියන කාරණය හීනයක් කියලායි මම හිතන්නෙ”

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...