ජනාධිපතිතුමා ඩොලර් අච්චු ගහන්නයෑ. ජනතාවට ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා – ඇමති එස්. එම්

මේ වසර අවසාන වනවිට රටට යම් ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් ලැබෙන බවත් එතෙක් ජනතාවට මේ ප්‍රශ්න ඉවසාගෙන සිටින්නට සිදුවන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

“මෙහෙ අච්චු ගහන්න යැයි ඩොලර් ජනාධිපතිතුමා ? මේ අවුරුද්ද අවසාන වෙනකොට අපට ඩොලර් ටිකක් එනවා. ඩොලර් ටික ආපු හැටියේ අපි තෙල් මිල අඩුකරනවා, ගෑස් පෝලිම්වල තියාගන්නෙ නෑ, ඒ වගේම ලයිට් කපන්නෙ නෑ, ඒක මේ අවුරුද්දෙ අග වෙනකොට වෙනවා. එතකල් ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා රටවල් තුනක් තියෙනවාලු එයාට තෙල් දෙන. ඉතින් අනේ ගෙනත් දාන්නකො එහෙනම් තෙල්. ආණ්ඩුවෙම වෙන්න ඕනෙ නෑනෙ, එයා විපක්ෂ නායකනෙ. විපක්ෂ නායකටත් තෙල් ගේන්න පුළුවන් ඕනෙ නම්. අවුරුදු දෙකකට නෙවෙයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ. අපි රට ගොඩගන්නවා කිව්වෙත් අවුරුදු දෙකෙන් නෙවෙයි අවුරුදු පහෙන්”

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...