“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් වූ හැටි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම යන ජන ක්‍රීඩාවල නම් වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.

“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද ,රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...