ප්‍රමාද වීම නිසා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් රු. බි. 200 පාඩුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): 2010 වසරේදී සැලසුම් කළ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 52‍9ක් වුවත්, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක පාඩුවක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

එම ව්‍යාපෘතිය සඳහා 2008 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතරව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළේ, 2010 වසරේ මාර්තු 15 වැනි දායි. එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2015 වසරේදී බව සඳහන් වේ.

මේ වනවිට එම ව්‍යාපෘතියේ වැඩකටයුතු 100% ම අවසන් කර ඇත. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මාසයේ 24 හෝ 25 ජනතා අයිතියට පත් කෙරෙන බවයි.

ඉරාන රජයේ දායක්ත්වය ඇතිව කළ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා ද පැමිණීමට නියමිත අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම කටයුතු සූදානම් කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

ජාතික පද්ධතියට මෙගාවොට් 120ක ජල විදුලියක් මෙම ව්‍යාපෘතිය තුළින් එක් කිරීමට බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...