හොඳ රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW): ආණ්ඩුව ගෙන යන මෙම ආර්ථික වැඩපිළිවෙළ තවත් මාස 18ක කාලයක් ඉදිරියට රැගෙන යන්නේ නම් ලෝකය හමුවේ පැමිණෙන ඕනෑම අභියෝග හමුවේ රටේ ආර්ථිකය කඩාවැටීමක් සිදු නොවන බවට සහතිකයක් දිය හැකි බවමුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

බොහෝ රටවල අර්බුදකාරී තත්ත්වයන්වලදී ලොව රටවල බෙදීම් තිබෙන අතර රුසියා – යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග යුද්ධය ආදිය ගත්විට එවැනි බෙදීම් දකින නමුත් ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයේ දී ලෝකයම එක් තැනකට පැමිණීම සමස්ත ලෝකයටම හොඳ උදාහරණයක් සපයන බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනස් වුවහොත් රටේ අනාගතය ඇත්තේ සති 4ක් පමණක් බව පෙන්වාදුන් ශෙහාන් සේමසිංහ මහතා රටේ ආර්ථිකය කඩාවැටුණොත් එය ගොඩනැඟීම සඳහා වසර 12කට වැඩි කාලයක් ගත වන බවත්, මේ හේතුවෙන් රටේ ජනතාව ඒ පිළිබඳව තීන්දු තීරණ ගත යුතු බවද පැවසීය.

පොහොර, ඖෂධ, ආහාරපාන, ඉන්ධන, ගෑස් හිඟයක් පසුගිය කාලයේ මෙරට පැවැති බව සිහිපත් කළ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අද වනවිට එවැනි අර්බුදයන් අවසන් කොට යම්කිසි සන්ධිස්ථානයකට රට පැමිණ තිබෙන බවද රටේ ජනතාවට ද පීඩාවකින් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා තවත් ඉදිරියට ගමන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

අද වනවිට රට ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද මෙය ක්‍රමානුකූලව නැඟිටීමක් මිස ජනප්‍රියතාවයෙන් නොවිය යුතු බවද සඳහන් කළ ඒ මහතා ජනතාවගේ අපහසුතා එලෙසින්ම පවත්වාගෙන යෑම විපක්ෂයේ අපේක්ෂාව වී තිබෙන බවද කීවේය.

අසීරු තත්ත්වයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා යම් යම් තීරණවලට එළඹීමට සිදුව තිබෙන නමුත් ජනතාවට වඩා හොඳ රටක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවද වැඩිදුරත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...