පොලිස් බුද්ධි අංශ හෙළිකරන භයානක හෙලිදරව්ව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 13, කොළඹ (LNW): පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි විසිපහක් මේ වනවිට රටේ ක්‍රියාත්මක බවයි.

ඒ අනුව පාතාල කල්ලි විසිඑකක් බස්නාහිර පළාතේත්, පාතාල කල්ලි හතරක දකුණු පළාතේත් ක්‍රියාත්මක බව පැවසේ.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන්නේ, ගණේමුල්ල සංජීව, හීනටියන මහේෂ්, හීනටියන සංඛ, කෙහෙල්බද්ද පද්මසිරි, දෙමටගොඩ චමින්ද, කුඩු රොෂාන්, කංජිපානි ඉම්රාන්, පලනි රිමෝෂන් (කුඩු සෙල්වි කල්ලිය), කෙසෙල්වත්තේ දිනුක, පුකුඩිකන්නා,​ බෝරල​හේවගේ ධනුෂ්ක, අංගොඩ ලොක්කා, හඳපාන්ගොඩ හඳයා, රොහා, ලඩියා, මන්න රමේෂ්, කුඩු අංජු, කුඩු සලිඳු, මතුගම ශාන්, මතුගම ගවරියා යන කණ්ඩායම් වේ.

කරන්දෙණිය සුද්දා, කොස්ගොඩ සුජී, පොඩි ලැසී හා රත්ගම විදුරගේ කණ්ඩායම් දකුණු පළාතේ ක්‍රියාත්මක වන අතර එයින් විසිදෙනකුම මේ වනවිට රටින් පැන ගොස් ඇති බවත්, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කල්ලි අතරින් ප්‍රබලයන් හැටහය දෙනෙක් මේ වනවිටත් රටින් පැන ගොස් ඇතැයි පැවසේ.

මෙම පාතාල කල්ලිවලට අයත් මෙරට සිටින සාමාජිකයන් 137 ක් බන්ධනාගාරගතව සිටින අතර, තිස්හය දෙනකු මේ වනවිට ඝාතනයට ලක්ව ඇත. මෙම කල්ලි විසිපහට අයත් 168 දෙනෙක් යුක්තිය මෙහෙයුමෙන් සති තුනක් තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එකසිය හතළිස් තුන්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව සඳහන් වේ..

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා යටතේ ඇති බුද්ධි ඒකකය වන පොලිස් විශේෂ කාර්යංශය මගින් මෙම පාතාල කණ්ඩායම් ගැන අනාවරණය කරගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා නිව්යෝක්හි ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා බිහිවේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...