රගර් පිටියේ සැබෑ අපරාජිතයා තීරණය වන සතියක් – මුල් ස්ථාන හතරෙන් තුනකටම බලපෑම්

නිපොන් පේන්ට් ජාතික රග්බි ලීග් තරගාවලියේ සූරතාවය සඳහා තරග වඳින අවසාන කණ්ඩායම් හතර කවරේද යන්න තීරණය කරන පළමු වටයේ අවසාන තරග අද සහ හෙට පැවත්වේ.මෙහිදි මේ දක්වා අපරාජිත බව රැකගෙන සිටින මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් 20 වන ඉරු දින මහනුවර නිත්තවෙල දී තරග වැදීමට නියමිතය.එම තරගය ජයගන්නා පළමු වටයේ අපරාජිත කණ්ඩායම ලෙස දෙවන වටයට පිවිසෙන අතර අද (මාර්තු 19) තිඹිරිගස්යාය පොලිස් පිටියේදී හමුවන යුද හමුදාව සහ පොලීසිය අතර තරගයද අවසාන වටයේ කණ්ඩායම් හතර කවරේද යන්න තීරණය කිරීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත.

දැනට ලකුණු සටහනේ මුල් ැතන මහනුවර කණ්ඩායම දරන්නේ හැව්ලොක්ස් සමග සම ජයග්‍රහණ ලබා සිටියද ඒ ජයග්‍රහණවලදී අත් කරගත් ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් ඉදිරියෙන් සිටින බැවින්ය.පොලීසිය සහ යුද හමුදා තරගයේ ජයග්‍රහණය පොලීසිය ලබා ගත්හොත් දැනට සියළුම තරග අවසන් කර සිව්වැනි ස්ථානයේ සිටින ගුවන් හමුදාව සහ පොලිසිය ලකුණු සටහනේ 17 බැඟින් ගෙන සමවනු ඇත.නමුත් තරගය ප්‍රසාද ලකුණක් සහිතව පොලීසිය ජය ගතහොත් අවුලකින් තොරව දෙවන වටයට පිවිසෙන සිව්වන කණ්ඩායම වන්නට පොලීසියට හැකි වනු ඇත.

ලකණු සටහනේ තෙවන තැනට අභියෝගයක් නොවන අතර එය සීඑච්ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට හිමි වී ඇත.නමුත් අද සහ හෙට තරග දෙක මුල් ස්ථාන හතරෙන් තුනක්ම තීරණය කිරීම කෙරෙහි බලපානු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...