මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලීම විසි වෙන ලකුණු!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමේ යෝජනාව බොහෝදුරට ප්‍රතික්ෂේප වීමට නියමිත බව වාර්තා වෙයි.

රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබෙන බැවින්, එවැනි ඉල්ලීමක් සදහා කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පවසා ඇති බවයි කියවුණේ.

මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීමට ඔවුන් එලෙස දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන්නේ පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමකදීය.

මේ අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයද මාධ්‍ය ඔස්සේ ඊට විරෝධය දක්වා තිබෙන අතර ආණ්ඩුව කුමන තීරණයක් ගනු ඇත්ද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි පැෆරල් සංවිධානය පවසා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...