වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – වජිර රනිල්ට සහතික පිට සහතික දෙයි!

Date:

කොළඹ LNW:පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

විටින් විඔට පුවත් මවන ජනතා විමුක්ති පෙරමුණද රටේ පාලනයට සම්බන්ධ වූ කාලයේ ගත් ණයත් දැන් ගෙවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

”අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගත්තේ වැටුණු රටක්. මේ රටේ හිටපු පාලකයින් නොයෙක් අවස්ථාවල රට පාලනය කර තිබෙනවා. කිසිම දේශපාලන පක්ෂයකට ඉන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. බොහෝවිට ප්‍රවෘත්ති මවන ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් මේ රටේ පාලකයන් ලෙස ක්‍රියාකරපු දේශපාලන පක්ෂයක්. ඒ පාලකයින් ගත්ත ණයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවමින් තිබෙනවා. එතුමන්ලා ඇමතිකම් කරන කාලයේ ලෝකයෙන් ලබාගත් වැරදි සහගත ණය ප්‍රමාණයන් ගෙවමින් තිබෙන්නේ. ආර්ථික දර්ශනයක් නොමැතිව පොහොර නිකන් දෙන්නම් කියල අත්පුඩි ගහලා ආණ්ඩුව පිහිටුවපු ආණ්ඩුවල ඇමතිකම් අරගෙන ඒ ඇමැතිකම්වල ගත්ත ණයත් ජනාධිපතිතුමා ගෙවමින් ඉන්නේ. මේක මේ කියන්නේ කාටවත් දොස් කියන්න නෙවෙයි. කාටවත් මේකෙන් නිදහස් වෙන්න බැහැ. සෑම දේශපාලන පක්ෂයක්ම මේ සඳහා වගකිවයුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජාතික නායකයා වැදගත් දෙයක් කළා. සියලු දෙනා කරපු වැරදි කාටවත් ඇගිල්ල දිගුකරන්නේ නැතුව චෝදනා කරන්නේ නැතුව සියලුදෙනාගේම වැරදි නිවැරදි කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ රට ඉදිරියට ගෙනයාම එතුමා සිදුකරලා තිබෙනවා අවුරුද්දයි මාස 11ක් වගේ කාලයක් තුළ. පාලකයින් අවුරුදු 12ක් කරපුවා අවුරුදු 06ක් කරපුවා පාලකයින් අවුරුදු 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ ජාතික වගකීම තනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාරගත්තා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...