*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මේ සඳ රැක ගනිල්ලා

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 19, කොළඹ (LNW): සඳ උදා වුණා විතරයි.තව රාත්‍රිය දිගට තියෙනවා.ඒ නිසා එළිය රැක ගන්නනම් සඳත් රැක ගන්න ඕනි.විරේන් නෙත්තසිංහ මේ වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා වීම ගැන අප සිටින්නේ උද්දාමයෙන් බව ඇත්තයි.ඒ අන්ධකාරයම විඳින්න පුරුදු පුහුණු රටක අහම්බයන් සේ මෙවැනි දීප්තිමත් වස්තු මතුවීම මැකී යාම සාමාන්‍ය තත්ත්වයයි.ක්‍රීඩා අමාත්‍යංශයෙන් මාධ්‍ය හමුව නිමාවේ නික්ම යන මොහොතේ එහි පහත මාලයේ තිබෙන පාරමී මාරිස්ටෙල්ලාගේ රුව දුටු විට මට හිතට නැඟණේ එයයි.ඒත් දීප්තිමත් වස්තුවක්.ඇයට පරිපාලනය පැත්තෙන් ද සෑහෙන අතදීම් ලැබුණා.එහෙත් සමහර ඇයට සම්බන්ධ පාර්ශව උත්සාහ ගත්තෙ රන් බිත්තර දාන හංසයාව මරලා බිත්තර ටික ඔක්කොම ගන්න.අද ඇයගෙ නම ඇහෙන්න නැහැ.


විරේන්ගෙ ගමන ඊට වඩා වෙනස්.ඔහු මේ සුදුසුකම දක්වා රැඟෙන ආවෙ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සහ ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් වැඩ පිළිවෙළකට යටත්වයි.ඒක කළමණාකරණය කළේ විරෙන්ගෙ තාත්තා නිසා මේ වැඩේ දි වටේම පිළිවෙලකට ආවරණය වෙලා තියෙනවා.


ශ්‍රී ලංකා බැඩිමින්ටන් රොහාන් ද සිල්වාගේ මූලිකත්වය මත විරෙන්ව බොහොම වෙහෙස මහන්සියෙන් පොළවෙන් ඉහළට ඔසවලා තියාගෙන ඉදිරියට තල්ලු කරමින් හිටියෙ.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට ෂෙමාල් ප්‍රනාන්දු වැඩ ආරම්භ කරන මොහොතෙ එක්තරා දුරකථන සංවාදයක් ඇතුළෙ අනාගතයට වටිනා ක්‍රීඩකයො ගැන කතා කරමින් සිටියා.මාධ්‍ය රස්තියාදුව ඇතුළෙ එහෙම ඇහැ ගැහෙන තොරතුරු ගබඩා කර ගැනීමේ පිපාසයක් තියෙන බවත්,එවැනි සමහර හඳුන්වාදීම් ඉහළටම ගොස් නැවතුණු බවත් ක්‍රීඩා පරිපාලනයේ සජීවීව වැඩ අත්දැකීම් ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනගෙන හිටියා.


දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා කී ප්‍රශස්තියෙන් නොනැවතී එහෙම කියන නම් පෙළ ඒ වන විටත් දැනගෙන හිටියා වගේම,අපට නිතර ඇස නොගැටෙන නම් ද ඔහු දැන සිටියා.එහෙත් මෙවර ඔලිම්පික් යැවීම සඳහා සුදුසු මට්ටමට වැඩෙමින් සිටින විරේන් ගැන කී සැණින් තොරතුරු විමසා එම දවස ගෙවෙන්නටත් මත්තෙන් නිවැරදිම දත්ත ජාත්‍යන්තර නිල වෙබ් අඩවිවලින් ලබාගෙන සියලු පාර්ශවයන් එක රැයකින් සම්බන්ධීකරණය කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහ විරෙන්ගේ පියා සමග එක්ව විරෙන්ගේ සංචාරවල බර කරට ගන්නට අමාත්‍යංශය මැදිහත් කර ගන්නට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත් වෙනවා.


ශ්‍රී ලංකා බැඩිමින්ටන් දුවපු මැරතන් එකේ හිටියේ පිටේ බර පොදියක් බැදගෙන.ඒක පිටින් ගලවලා තියලා දුවන්න,තව සංවර්ධන සැළසුම් ගැන හිතන්න මේක විශාල උදව්වක් වුණා.කොහොම හරි එහෙම පියෙන් පිය ආපු ගමණෙ අද විරේන් එහි ප්‍රතිපලය රටට ලබා දීල ඉවරයි.අවුරුදු විස්සක ගාය තියෙන කොල්ලෙක්ගෙ වැඩක් මරු කියලා මේ වැඩේ සරලව සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒක ඊට වඩා විශාලයි.ලංකාවෙ ක්‍රීඩාව සංස්කෘතික නැහැ.කලාත්මකව,සාහිත්‍යානුකූලව,විද්‍යානුකූලව ක්‍රීඩාව ඉහළ තැනක සිට කියවීමක් නැහැ.


බොහෝ වෙලාවට ක්‍රීඩාව ඉහළින් පවතින රටවල්වල දක්ෂතා ගැනීම ඇරෙන්න ඒවා වර්ණනා කරනවා ඇරෙන්න එහි සාහිත්‍යමය මැදිහත්වීම්,කලාත්මක මැදිහත්වීම් ගැන විචාරය කෙරෙන්නෙ නැහැ.ඒත් අර ක්‍රීඩක සිරුරුවලින් එළියට එන්නෙ මේ සියල්ලේ එකතුවයි.එහෙම පදනමක් පසුබිමක් ඇති රටක අර මහා සම්ප්‍රදායක් සහ සංස්කෘතියක් විසින් ක්‍රීඩකයාට අත් කර දෙන විනය,ශික්ෂණය,දැණුම සහ අත්දැකීම් අපේ ඉහළට යන ක්‍රීඩකයෙක් වේවා ඔහුව රැඟෙන යන පුහුණුකරුවෙක් වේවා අත් කර ගන්නෙ ඉවෙන්.ඒව ඇත්තටම දැනිලා විඳලා නෙමෙයි.එහෙම ඉව තියෙන තාත්තෙක් සහ පුතෙක් හැටියට විරේන් සහ රොෂාන් නෙත්තසිංහ කියන පිය පුතු දෙපළ මේ හපන්කම යම් තැනෙක තබා තිබෙනවා.


දැවන්ත වියදම් දැරීමට සිදුවීම,ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ ක්‍රීඩා පිටි වගේම දක්ෂ පුහුණුකරුවන් හිඟකම රොහාන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාත්‍යන්තරයට නො’පිවිසෙන හේතුව හැටියට දකිනවා.මේ කතාව ඇතුළෙ රොෂාන් සහ විරේන් කරපු මැදිහත්වීමේ විශාලත්වය අපට සිතා ගන්න පුළුවන්.ක්‍රීඩාව දියුණු රටක් ක්‍රීඩකයෙකුට කරන අතදීම රොෂාන් අප නැඟූ ප්‍රශ්නවලට කියන පිළිතුරුවල තිබුණ, ක්‍රීඩකයෙක් සමඟ එන ඔහුව බලාගන්න යොදා තියෙන වෘත්තිකයන්ගේ ප්‍රමාණයෙන් හිතා ගන්න පුළුවන්.ඒ වැඩේ සංස්කෘතිකයි.ඒත් තෙල් පෝලීම්,ගෑස් පෝලීම් හැඳුණු අදත් ලක්ෂ ගණනක් තුන් වේල කන්න නැතුව ජීවත්වෙන රටක විරෙන්ය මෙතනට ගේන්න අවශ්‍යය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ස්ථානයට එන්න ඔහුට ලබා දුන්න ජාත්‍යන්තර තරග ප්‍රමාණය සහ ඒ ආර්ථික වියදම් දරා ගැනීම ගැන ප්‍රශංසා කරන්න ඕනි.


උදාහරණයකට සයිනා නෙත්වාල් සම්බන්ධ සිනාම පටය නිර්මාණය වෙන ඉන්දියාව ගන්න.ඒක ඇතුළෙ තියෙන සයිනා නිර්මාණය වෙන කතාවෙන් ආවරණය වන සමාජමය සිඳුවීම් පෙළ ක්‍රීඩකයෙක්ට විශ්ව විද්‍යාලයක් නෙමෙයි ද?මෙවැනිම තවත් නිර්මාණ හැටියට Racket Boys, Love All Play වැනි සිනමා වෘතාන්ත ද, Virgin Mom වැනි කතා මාලා ද විශාල ප්‍රමාණයක් බැඩ්මින්ටන් සංස්කෘතියට අදාළව ලෝකයේ බිහි වී ඇත.මේවා ක්‍රීඩාව වුණාට ලංකාවෙ තවමත් ක්‍රීඩාවෙ ඉන්න බොහෝ දෙනෙක්ටත් තියෙන්නෙ ඉස්සෙල්ලා උපන්නෙ කිකිළි ද බිත්තරයද වැනි තර්කයක්.ඒත් මේවා සමගාමීව සමාන්තරවත් සමාජයක් ඇතුළෙ එකට ගමන් කළ යුතු කාරණාවන්.


ඒත් දැන් එහෙම ශක්තිමත් සමාජ ව්‍යහුයක මතු වුණු සඳක් හැටියට අපිට විරෙන්ව ගන්න බැහැ.ඒක අතිශයින් ස්වභාවිකත්වය මත පදනම්ව කැපවීම සහ මහන්සිය මත ළඟා වූ ආශිර්වාදයක්.ඒ නිසා මේ වටේ වැඩිපුර තියෙන්නෙ කළුවරයි.ඒවා සඳ නොවැහෙන්න අල්ලන් ඉන්න ශක්තිමත් දෑත් අවශ්‍යය කරනවා.අවුරුදු 20 කියන්නෙ විරෙන්ගේ ස්වරණමය හැකියාව එක්ක වැඩ කරන්න තියෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් හමුවෙන්නෙ 2024 සහ 2028 වර්ෂවලයි.


ඒත් පළමු උත්සාහයෙදි ප්‍රංශය බලා ඒමට යාමකින් එහාට තල්ලු කරලා පොඩි දෙයක් කරන්න මහන්සියක් දරන්න පුළුවන්.ඒකට හොඳ මෙහෙයවීමක් අවශ්‍යය වෙනවා.LNW ක්‍රීඩා අමාත්‍යංශයට,බැඩිමින්ටන් පරිපාලනයට වගේම ජාතික ඔලිම්පික් කමිටුවටත් කළු වළා අල්ලා සිටින ශක්තිමත් දෑත් වීමේ පළමු පියවර තබන්න යෝජනා කරන්නෙ ඒ නිසයි.ඒ තමයි ඉදිරි මාස කිහිපය විරෙන්ට විදේශ පුහුණුවක් කියන යෝජනාව.විශේෂයෙන්ම ප්‍රංශය ආසන්නයේ ඇති රටකනම් වඩාත් වැදගත්.යුරෝපයට වෙන්නට තියෙන හොඳම බැඩිමින්ටන් රට ඩෙන්මාර්ක වගේ වුණොත් ඒක ලොතරැයි දිණුමක් වගෙ.


ඒ යෝජනාව ආ සැණින් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කර මේ වැඩේ කළ හැකියි,මාසයක පුහුණුවක් ක්‍රීඩකයා සහ පුහුණුකරු සහ කළමණාකරු වන පියා සමඟ කතා කරලා අරගෙන දෙනවා කියලා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් වීම ඉතා අගය කළ යුතු වැඩක්.ඒ කාලය තවත් දීර්ඝ කරලා ඔලිමිපික් ගමණෙ කළමණාකරු පියා හැටියට තියලා ඒ හොයාගන්න පුහුණුකරු සමඟ තරගවලට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවනම් ඒක විශාල වැදගත් වැඩක් වෙයි.


අපට 2012 වර්ෂයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි නිලූක කරුණාරත්නට ඊට එහාට යන්න බැරි වුණ හේතුව ශිල්පීය පුහුණු දැණුමක් නැති අයෙක් පුහුණුකරු ලෙස ඉඳගෙන සිටීම බව නැවත නැවතත් ඒ තරගය නරඹන විට හිතෙන දෙයක්.මුලින්ම සඳහන් කළ සයිනා චිත්‍රපටයට අදාළ ඉන්දීය ක්‍රීඩිකාවගේ සැමියා වන කාශ්‍යයප්ට පරාජය වුණ ඒ තරගයේදී අහිමි වන්නෙ නිලූකට අයිතිව තිබූ ජයක්.එවැනි ඓතිහාසික වැරදි දැන් නිවැරදි කරන්න බැරි වුණත් ඒවා ආශිර්වාද කර ගන්න පුළුවන් නැවත ඒ දේවල් නොවෙන්න.


සඳ පායා තිබුණට වැඩිය තියෙන්නෙ අඳුර.ඒක තමයි මේ පොළවෙ තියෙන ඇත්ත.සමාජීය දේශපාලන සහ ආර්ථික යථාර්තයේ අඳුර එක්ක සඳ පායන්න තතනනවා වුණත් සඳට එබෙන්න බැරි තරමට ඒ වළාකුළු පද්ධතිය බරයි.ඒවා අල්ලගෙන ඉන්න අවශ්‍යය ශක්තිමත් දෑත් වැඩේ හරියට කළොත් රාත්‍රිය පුරා ආලෝකය පතුරවමින් සඳ රැඳෙයි.අහසෙ සිංහයෙක් අතින් කඩුව ගත් ධජයක් ලෙලෙන්නත් ඉඩ තියේවී.ඒ වගෙම ඒ වෙනුවෙන් ලංකාවෙ වෙළඳ ප්‍රජාවට රටවල් 260 ක් ඇතුළට තමන්ගේ වෙළඳ නාමය ගෙනියන්න මෙවැනි පොළවකින් මතුවන මිල කළ නොහැකි සහ විශ්වාස කළ නොහැකි තරමේ මැණිකක් බඳු මෙවන් ක්‍රීඩකයෙක් හොඳ ආයෝජනයක් කර ගන්නට හැකියි.හාල් තුනපහ ටික ගන්න කීයක් හරි දෙන විදිහෙ ගණු දෙනුවකට නෙමෙයි විරේන්ට ලෝකය එක්ක හැප්පෙන්න හයිය දෙන ආදරවන්තයෙක් විදිහට.


අපි මුල සිටම විරෙන්ගේ හැකියාව සහ කැපවීම විශ්වාස කර ලීවෙමු.අදත් ඒ විශ්වාසය ඇතිව ශක්තිමත් දෑත්වලට ආදරයෙන්ද කෝපයෙන් ද වේදනාවෙන් ද කෑ ගසා කියන්නේ
“මේ සඳ රැක ගනිල්ලා” යනුවෙන් ය.

(පහත සබැඳියෙන් විරෙන් වෙනුවෙන් පැවත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන් නැරඹිය හැකිය. https://web.facebook.com/SriLankaBadminton.lk/videos/954556332610933)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan