*
Monday, September 23, 2024
spot_img

Latest Posts

කීල්ස් අති නවීන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරයි

කීල්ස් සුපිරි වෙළඳසැල් අති නවීන මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් කෙරවළපිටිය කාර්මික කලාපයේ විවෘත කර තිබේ.

රු. බිලියන 4.6 ක ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුනු මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය ගෝලීය වෙළඳසැල් හා සමඟාමීව නවීනතම තාක්ෂණයෙන් සහ පද්ධති වලින් සමන්විත වේ.

මෙය කීල්ස් සුපිරි වෙළඳසැල් දාමයේ පළමු අති නවීන බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි.

වර්ග අඩි 260,000 ක භූමි ප්‍රමාණයකින් යුත් අක්කර 09 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය මෙරට තුන්වන විශාලතම ගුදම් පහසුකම බවට පත්කෙරෙන අතර, නූතන සිල්ලර වෙළඳ අංශයේ තාක්ෂණිකව දියුණු විශාලතම වෙළඳ මධ්‍යස්ථානය බව ද පැවසේ.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳ සැලසුම් දියත් වූයේ මීට වසර පහකට පෙරය. ඒ ගෝලීය වශයෙන් භාවිතයේ යෙදෙන හොඳම හා පුළුල් සුපිරි වෙළඳසැල් දාමයන් ශ්‍රී ලංකාව තුළ ද වර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව ය.

ඡායාරූපය: සන්ඩේ ටයිම්ස්

කීල්ස් සුපිරි වෙළඳසැල් වල ගුදම් පහසුකම් තුනක් එක්කොට තනි මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිකර ඇති මෙම වෙළඳ මධ්‍යස්ථානය වියළි, නැවුම් හා ශීතකළ කාණ්ඩ වලට අයත් භාණ්ඩ බෙදාහැරීම සඳහා භාවිතා වේ.

මෙම මධ්‍යස්ථානය තුළින් දිනකට නැවුම් නිශ්පාදන කි.ග්‍රෑ 100,000 කට අධික ප්‍රමාණයක් බෙදාහැරෙන අතර, එහි තිබෙන උෂ්ණත්ව පාලන අවකාශය මඟින් පවත්වා ගන්නා සිසිල්කාරක පරිසරය තුළ ආහාර ද්‍රව්‍ය නැවුම්ව තබා ගනී. මෙය පාරිභෝගිකයන්ට නැවුම් නිෂ්පාදන ලබා දීමට බෙහෙවින් ඉවහල් වේ.

මෙම මධ්‍යස්ථානයේ වර්ග අඩි 200,000 ක පමණ වූ වහල කොටසේ කිලෝවොට් 800 ක පමණ විදුලිය ජනනය කරන සූර්ය පැනල සවිකර තිබේ. මේ සමඟ, ජාලයේ සමස්ත සූර්ය බලශක්ති ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 12 පමණ ඉහළ යනු ඇති අතර, එමඟින් කීල්ස් සුපිරි වෙළඳසැල් දාමය දිවයිනේ පුනර්ජනනීය බලශක්තිය නිපදවන ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්ව ඇත.

එමෙන්ම මෙම මධ්‍යස්ථානයේ සේවකයන් 500 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර, පාරිභෝගිකයන්ට වඩාත් පහසු වූ සේවාවක් මෙමඟින් ලබා ගත හැකි වනු ඇත.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan