ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් වලටත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW): කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ය.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව සඳහන් වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින අතර ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...