ඩොලරය පා වෙද්දි, ආනයනකරුවන් තැති ගනී..

Date:

ඩොලරය පාවෙන්නට හැරීමත් ඊට ඉහළ අගයක් ලබා දීමත් තුළ, ඉදිරියේ දී ඖෂධ ගෙවීමට බාධා පැමිණේ යැයි උපකල්පනය කිරීමෙන් පසු ඖෂධ ශාලා හිමියන් විසින් ඖෂධ නිකුත් කිරීම නවතා කෘත්‍රිම ඖෂධ හිඟයක් වෙළෙඳපොළේ මවා පෑමෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇත.

නුදුරේදීම ඖෂධ මිල ඉහළ යාමට ඉඩ ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසූ බවද වාර්තා විය. ඒ අතර පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසන්නේ ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් ඖෂධ බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ලංකාවේ ඖෂධ බෙදාහරි හරින සමාගම් සියල්ලම පාහේ අලෙවිසල්වලට ඖෂධ බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවත්වා ඇති බවත් පාලනයෙන් තොර ඖෂධ වල මිල ඉහළ දැමීමට සමාගම්වලට මෙයින් හැකියාවක් පවතින බවත් ඉදිරියේදී විශාල ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවත් පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.

මේ රට ඖෂධ වර්ග 75 ක් පාලන මිල යටතේ පවතී. එම ඖෂධ සතයකුදු ඉහළ දැමිය නොහැක. නමුත් පාලන මිලක් නොමැති ඖෂධ වර්ගද පවතින අතර, ඒවායේ මිල ඉහළ දැමීමක් ඉදිරියේදී සිදු විය හැකි බවද වාර්තාවේ. වෙළඳපොළේ පවතින ඖෂධවලින් 40% ක ප්‍රමාණයකට පාලන මිලක් නොමැත.

එවැනි ඖෂධ වල මිල ඉහළ දැමීමට සමාගමට නීතිමය අයිතියක් පවතින බවත් පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. මිල පාලනයට යටත් කොට ඇති ඖෂධ වර්ග 75 ද පාලන මිල ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජයවන්තණ පවසන්නේ ඩොලරය පා කිරීමත් සමඟ ඖෂධවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති බවත්, ඖෂධ ආනයනකරුවන්ගේ ඉල්ලීම ඉටු කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.

ඩොලරය පා වීමට හැරීම හේතුවෙන් ඖෂධ සමාගම් ආනයන සමාගම් ඖෂධ ආනයනයට යම්කිසි බියක් දක්වන බවත් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු මෙම තත්වය සමනය කර ගැනීමට හැකි බවත් විෂයභාර අමාත්‍යවරයා පැවසූ අතර, ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව ආනයන කරුවන්ද රැකගෙන ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමටද රජය කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

Sponsored Article
තිරුවණී විජේසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...