ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් රෆා ප්‍රදේශයේ 10 දෙනෙකු ජිවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය අය අතුරින් 6 දෙනෙකු කුඩා දරුවන් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මධ්‍යයේ වුව ද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර සිදුකිරීම දක්නට ලැබෙන බවත්, ජිවිතක්ෂයට පත්වුවන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සදහා අල් නජාර් රෝහලේ තිබු දේහයන් ඥාතීන් වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

සමස්ත ගාසා ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් රෆා ප්‍රදේශයේ වාසය කරන අතර ඔවුන්ගේ ජිවිතවලට හානියක් සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන වකවාණුවක මෙලෙස ප්‍රහාර සිදුවෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...