පුත්තලමේ ක්වාසි අධිකරණ විනිසුරුවරයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට !

Date:

පුත්තලම ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් විනිසුරුවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පුත්තලම ක්වාසි අධිකරණයෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල ඉල්ලා ඇති බවට පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...