චමරි පිතිකරණයෙන් එකට සහ තුන් ඉරියව්වෙන් මුල් 10 අතරට – නිලක්ෂි සහ කවීශාත් පෙරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): අප්‍රේල් 22 වන දින අයිසීසී විසින් සිඳු කරන ලද ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලදී එක්දින කාන්තා පිතිකාරිණියන් අතරින් පෙරමුණේ රැදෙන්නට චසඑි අතපත්තුට හැකි වී තිබෙනවා.ඇය ප්‍රසාද ලකුණු 773 ක් ලබා ගනිමින් පෙරමුණට එමින් ඊට පෙර එම ස්ථානයේ සිටි ක්‍රීඩිකාව වන නතලි ස්කිවර් -බ්‍රන්ට් දෙවන තැනට පත් කර තිබෙනවා.චමරි ලකුණු 195 ක් ලබමින් එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පිතිකාරිණියක රැස් කළ තුන්වන වැඩිම ලකුණු සහිත ඉණිම දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින කාන්තා තරග ඉතිහාසයේ හඹා ගිය වැඩිම ලකුණු ප්‍රමානය ලබා දෙන්නද සමත් වුණා.


එම වාර්තාගත ජයග්‍රහණය වෙනුවෙන් චමරි සමඟ දැවන්ත නොබිඳුණු කඩුලු සබඳතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් ඇති කරමින් නොදැවී අර්ධ ශතකයක් ලබා ගත් නිලක්ෂි ද සිල්වා ද පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතරක් ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ අනුව දැන් නිලක්ෂි 45 වන ස්ථානයට පත්ව සිටිනවා.එසේම චමරි අතපත්තු තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස යළිත් මුල් දස දෙනා අතරට පිවිස සිටිනවා.11 වන තැන සිට යළිත් දකුණු අප්‍රිකානු සංචාරයේ දස්කම් සමඟ 9 වන තැනට පැමිණ සිටින චමරි මෙන්ම මුල් 25 දෙනා අතරට පිවිසෙමින් 26 වන තැන සිටි කවීශා දිල්හාරි 25 වැන්නියව සිටිනවා.
මේ අතර දකුණු අප්‍රිකාවට චමරි හිරිහැරයක් වූ සේම දකුණු අප්‍රිකා නායිකාව ලෝරා වොල්වර්ඩ්ට් ද ශ්‍රී ලංකාවට බරලතල හිසරදයක් වුණා.ඇය ඒ දස්කම් හේතුවෙන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන දෙකක් ඉහළට ඇවිත් තෙවන තැන පසු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...